Teach With Technology



තාක්ෂණය සමගින් උගන්වන ක්‍රියාකාරී ගුරුවරයෙකු වීමට නම්,

මා ලත් අත්දැකීම් ඔස්සේ, තාක්ෂණය සමගින් උගන්වන ක්‍රියාකාරී ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නට ඔබට අත්වැලක් සපයන්නට මෙයින් බලාපොරොත්තු වන්නෙමි. එවිට ඔබත් තාක්ෂණයෙන් සවිමත් වූ ගුරුවරයෙකු බව ඔබට නිතැතින්ම දැනෙනු ඇත.
1.      facebook, twitter, linkedin, instagram වැනි සමාජ ජාල වෙබ් අඩවි තුල ආරක්ෂාකාරීව ක්‍රියාකාරී සාමාජිකයෙකු වන්න. ඒවා තුල පවතින miee groups සමග සම්බන්ධ වන්න. එවිට ඒ හරහා හුවමාරු වන වෙනත් රටවල නව තාක්ෂණය සමගින් ඉගෙනුම් ක්‍රමවේද අධ්‍යයනය කල හැකි අතර පාසලේ සම්පත් පවතින ආකාරය අනුව ඒවා අපගේ පන්ති කාමර තුල අත්හදා බැලිය හැකිය. මේවායේ වරින් වර පැවැත්වෙන තරඟ සඳහාද සම්බන්ධ වන්න. ඔබ බොහෝ දේ එයින් උගනිනු ඇත.  
MIEE Community – Sri Lanka group : https://www.facebook.com/groups/225413614489271/

Microsoft MIEExperts group :  https://www.facebook.com/groups/mieexpert/

2.       මාසිකව පැවැත්වෙන webinar සහ connection call සමග සම්බන්ධ වන්න. ඒවා මගින් දැනුවත් කරනු ලබන නව tools අත්හදා බලන්න.
3.        Microsoft educators community වෙබ් අඩවියේ ඇති ඔබගේ profile එක හැකි තාක් සම්පුර්ණ කරන්න. https://education.microsoft.com/Status
4.       එම වෙබ් අඩවිය සමග නිතර සම්බන්ධ වෙමින් courses and resources මගින් පාඨමාලා හදාරා points, badges and certificates ලබාගන්න. තාක්ෂණය පිලිබඳ දැනුම ලබාගත හැකි ඉතාමත් වැදගත් මාර්ගයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මෙහි කොළ පැහැති ලාංජනය සහිත teaching with technology පාඨමාලාව ඉතාමත් වැදගත් වේ. (මේවා සඳහා වැඩි කාලයක් ගත වේවි. නමුත් ඔබ බොහෝ දෑ උගනීවී)
5.       Skype in the classroom යනු යනු සිසුන් ඉතා ප්‍රිය කරන මෙන්ම සිසුන් පුදුම කරවිය හැකි ඉතාමත් උද්යෝගීමත් වැඩසටහනකි. පන්ති කාමර සීමා රහිතව ලොව පුරා සිසුන් හා ගුරුවරුන් සමග දැනුම බෙදා ගත හැකි වැඩසටහනකි. Microsoft educators community වෙබ් අඩවියේ Skype in the classroom පිළිබඳව ඇති tutorials හදාරන්න. ඔබට සෑම මසකම Skype සමග සම්බන්ධ විය හැකි දින හා වේලාවන් පිළිබඳව කැලැන්ඩරයේ ලකුණු කර තබන්න. එවිට එම වේලාවට සම්බන්ධ විය හැකි කුමන හෝ රටක සිටින ගුරුවරයෙකු ඔබේ පන්තිය සමග සම්බන්ධ වීමට request එවනු ඇත.

        r.c on your profile picture ----à edit profile -----à My availability හි ඉදිරි මාස සඳහා කැලැන්ඩරය ලකුණු කරන්න. request email එක accept කිරීමෙන් පසු skype සමග වැඩසටහන පවත්වන්න. ඔබ පුරණය කල skype virtual miles ගණන එවිට වෙබ් අඩවියේ ඔබේ profile එක තුල සටහන් වනු ඇත.  Virtual field trip මගින්ද සජීවීව ලෝකයේ යම් ස්ථාන ඔබගේ පන්තියේ දරුවන්ට නැරඹීමට දිය හැකිය. එමෙන්ම ඔබ Microsoft MIEExperts group හරහා හඳුනා ගන්නා ගුරුවරුන් සමග සාකච්ඡා කිරීමෙන්ද දින වෙන් කර skype සමග සම්බන්ධ විය හැකිය.
6.       Sway, OneNote, kodu, Hour of code, OfficeMix, Khan Achedemy, OneDrive වැනි නව tools අධ්‍යයනය කරන්න. මේ සඳහා ඔබ වෙත ලබා දී ඇති TWT booklet එක මහත් සේ උපකාරී වනු ඇත. Sway, OfficeMix තුලින් ඔබට නවමු ආකාරයකට presentation  සකස් කිරීමට ඉගෙනීමට හැකි වනු ඇත.
7.       OneNote online තුල ඔබගේ එදිනෙදා වාර සටහන්, වාර්ෂික සැලසුම් සකස්  කර එය ඔබගේ ජංගම දුරකථනය හරහා ද පරිශීලනය කල හැකි ලෙස තබා ගන්න.
8.       OneDrive හරහා එය share කරගනිමින් ගුරුවරුන් කිහිප දෙනෙක් සමග එකම පාඩම හෝ පාඩම් සැලසුම සකස් කල හැකිය.
9.   ඔබගේම වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් ආරම්භ කරන්න. එහි ඔබ පන්ති කාමරයේ තාක්ෂණය භාවිතා කරන අයුරු පිළිබඳව සඳහන් කරමින් යාවත්කාලීනව තබා ගන්න.  

10.  නැණසල (www.nenasala.lk), e - තක්සලාව  (www.e-thaksalawa.moe.gov.lk/) වෙබ් පාඨශාලා  (www.edulanka.lk/Web-Patashala) විදුමංපෙත  (www.vidumanpetha.com) www.guru.lk වැනි වෙබ් අඩවි උපයෝගී කර ගනිමින් නව ඉගෙනුම් ක්‍රමවේද ඔස්සේ ඉගැන්වීමට උනන්දු වන්න.

11.   පාසලේදී ඔබට නිදහස් කාලච්චේද වලදී ඔබගේ එම කාලච්චේදයන්ම නිදහස් ගුරුවරුන් සමග සාකච්චා කර ඔවුන් සමග ඔබ ලබාගත් දැනුම හුවමාරු කරගන්න. එය පහසුවක් වනු ඇත. නැතිනම් ඔබට පාසැල තුල  පුහුණු වැඩසටහනක් සංවිධානය කිරීමද කල හැකිය. 

මෙසේ කටයුතු කරගෙන යන විට ඔබ නිතැතින්ම ක්‍රියාකාරී ගුරුවරයෙකු බව ඔබට දැනෙනු ඇත.  පරිගණකයක් මනාව හසුරවා තම පාඩම් කටයුතු කිරීමට, ඒ සමග එන තාක්ෂණ ගැටළු වලට මුහණ දී ඒවා විසඳා ගැනීමට, විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත. ඔබ කරන බොහෝ දෑ සමහර විට තාක්ෂණ දැනුම අඩු අය හේතුවෙන් ඇගයීමට ලක් නොවනු ඇත. බොහෝ දෙනෙකු ඒවා නොදකිනු ඇත. බොහෝ දේ අපහසු වනු ඇත. එහෙත් නොසැලෙන්න. ඔබ බොහෝ දැනුමක් මේ වන විට ලබා ඇත. එය ඔබව ශක්තිමත් කරවනු ඇත.  ඔබ ජයග්‍රහණය කර ඇත.