Short Notes


Ms - Word භාවිතා කර කෙටි සටහනක් පිළියෙළ කර ගනිමු

                     තාක්ෂණය හාවිතය තුලින් ඉගෙනිම කියන දේ අපි අපේ පන්ති කාමර ඉගෙනීම තුලින්ම අවබෝධ කර ගැනිමට උත්සාහ කරමු.පාඩම් කරන අතරෙදී ඔයලාට විශේෂ කරුණු හමුවුනාම ඒ කරුණු ඉදිරියෙදී නැවත නැවතත් මතකයට ගේන්න පාඩම් කරගන්න මොකක්ද කරන්නෙ? ඔව් කෙටි සටහනක් එහෙම නැත්නම් ශෝට් නෝට් එකක් හදාගන්න එක නේද.ඒ ශෝට් නෝට් එකේ විශේෂ තැන්  හයිලයිට් කරල තියාගන්නවා නේද?
  එහෙනම්අපිබලමුමේ වගේ දෙයකට තාක්ෂණය හාවිතා කරලා ඒ කියන්නේ පරිගනකය හාවිතා කරලා පහසුවෙන් පිලිවෙලකට ඒක සකස් කරගන්නේ කොහොමද කියලා. මේ සඳහා අපි මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජයේ ඇති මයික්‍රෝසොෆ්ට් ඔෆිස් වර්ඩ් 2010 මෘදුකාංගය යොදා ගනිමු. එහෙමනම් අපි මුලින්ම ඒක ව්වෘත කර ගනිමු. ශෝට් නෝට් එකක් කියන්නේ කුඩා ප්‍රමානයේ කඩදාසියක් A4 එකකින් හාගයක් පමන හෝ නත්නම් A4 එකකින් හාගයක් පමන පලල දිග තීරුවක් වගේ නේද මුලින්ම අපි අපේ ශෝට්නෝට් එකට A4 එකකින් හාගයක් පමණප්‍රමානයේ කඩදාසියක්, ඒ කියන්නේ B5 ප්‍රමානයේ කඩදාසියක් Page Setup  වලින් සකස් කර ගනිමු.

              මෙහිදී Page Layout Menu එකේ page setup group එකේ කුඩා අයිකන් එක මත ක්ලික් කරලා එන සංවාද කවුලූවෙන්  paper size එක තෝරාගෙන කඩදාසියේ ප්‍රමානය A4 ප්‍රමානයට සකස් කරලා වටේට Margins සකස් කර ගන්න.              
                 දැන් ඔබ විසින් ප්‍රමානය සකස් කරගත් කඩදසියේ ශෝට්නෝට් එක ටයිප් කරගන්නා ආකාරය බලමුගදැන් හෝම් මෙනුවේ ඇති ෆොන්ට් වර්ගයට අදාල අයිකනය මත ක්ලික්  කර ඔබට අවශ්‍ය ආකාරයේ සිංහල, දෙමල  ඉන්ග්‍රිසි අක්ශර වර්ගය තෝරාගන්න. පාඩමට අදාලව ඔබට මතක තබා ගනීමට අවශ්‍ය කරුනු ටයිප් කරමින් යන්න.
            ලිස්ට් ආකාරයෙන් යම් කරුනු සටහන් කිරීමට අවශ්‍ය නම්
Bullets and Numbering පහසුකම හවිතා කරන්න පුලූවන්. ඒ සඳහා හෝම් මෙනුවේ Paragraph ගෘප් එක යටතේ අති  Bullets and Numbering යන ලයිස්තු ක්‍රම වලින් එකක් තෝරාගන්න. ඔබගේ කරුනු එකින් එක ටයිප් කරමින් එන්ටර් කරන්න. එවිට ඔබට අවශ්‍ය ලයිස්තුව සකස් වෙයි




           ඔබ සකස් කරනු ලබන ශෝට්නෝට් එක සිංහල භාශාවෙන් සකස් කරනවා නම් සිංහල යතුරු පුවරුව පිළිබඳව අවබෝධයක් ලබා තිබීම අවශ්‍ය වේ. සිංහල යතුරු ලියනය භාවිතය අපහසු නම් යුනිකෝඩ් භාවිතයෙන් සින්හල ටයිප් කිරීම ඉතා පහසු වේ. සිංහල යුනිකෝඩ් භාවිතයේදී සිග්ලිශ් ක්‍රමයට එනම් එස් එම් එස් එකක් ටයිප් කර යවන ආකාරයේ පරිදි අප සරලව සිංහල වචන ඉන්ග්‍රිසියෙන් ටයිප් කිරීම පහසුය. එසේ ටයිප් කරන විට එසනින් එම වචන සිංහල යුනිකෝඩ් බවට පරිවර්තනය වන මාර්ගගත මෘදුකාංගයක් එසේත් නතිනම් ඔන්ලයින් මෘදුකාංගයක් ගැන ඉගෙන ගනිමු. මුලින්ම ඔබේ පරිගනකයෙන් අන්තර්ජාලයට පිවිසෙන්න පසුව ගූගල් හෝ බින්ග් සෙවුම් යන්ත්‍රයේ ස්ර්ච් බාර් එක මත ක්ලික් කර යුනිකෝඩ් රියල් ටයිම් කොන්වර්ටර් ලෙෂ ටයිප් කර සර්ච් කරන්න. එවිට ඊට අදාලව ඉහලින් පමිනෙන ලින්ක් එක මත ක්ලික් කර විට යුනිකෝඩ් එසනින් පරිවර්තනය යන වෙබ් අඩවිය වෙත පමිනේ. ඉන්පසු එම වෙබ් අඩවියෙහි ඉහලින් හා පහලින් දිස් වෙන කොම්බෝ බොක්ස් දෙකින් ඉහල කොටසෙහි ඔබට අවශ්‍ය වචන හෝ වාක්‍ය කොටස් සින්ග්ලිශ් වලින් ටයිප් කරන්න. එවිට පහල කොටසේ ඊට අදාල වචන සින්හලෙන් දිස් වේ. ඉන්පසු ඒවා කොපි කර ගැනීමට කොපි යන විදානය සහිත බොත්තම මත ක්ලික් කරන්න.

       

                    දැන් ඔබගේ ශෝට්නෝට් එක සකස් කරමින් පවතින මයික්‍රෝසොෆ්ට් වර්ඩ් ගොනුව වෙත මාරු වී එය පේස්ට් යන විදානය බාවිතයෙන් හෝ Ctrl + C  යන කෙටි යතුරු ඔස්සේ ලබාගත හැකි වේ. මීට අමතරව පෙන්සල යන මෘදුකාංගය හෝ ගූගල් සින්හල ඉන්පුට් ටූල් ආදී මෘදුකාංග ද බාගත කර ඔබගේ පරිගනකයේ ස්තාපිත කිරීම මගින් ද යුනිකෝඩ් බාවිතා කර සින්හල ටයිපින් කල හෙකි වේ. මෙසේ යුනිකෝඩ් බාවිතා කර ඉතා පහසුවෙන් ඔබගේ ශෝට්නෝට් එක සකස් කර ගත හකි වේ.
             මේ වන විට ඔබ ශෝට්නෝට් එක ටයිප් කරගෙන අවසන් ඔබගේ ශෝට්නෝට් එකෙහි විශේශයෙන් අවදාරනය කල යුතු තෙන් හයිලයිට් කර තබා ගනීම ඔබ විසින් කරනු ලබන දෙයක්. ඒ සඳහා හෝම් මෙනුවේ ෆොන්ට් ගෘප් එක යටතේ අති ටෙක්ස්ට් හයිලයිට් කල්ර් අයිකන් එක තෝරාගෙන ඔබට හයිලයිට් කිරීමට අවශ්‍ය වචන කිහිපය මත මවුසය ඩ්‍රැග් කරමින් යන්න. මෙසේ විශේෂ කරුනු හයිලයිට් කිරීම මගින් නැව්ත මෙම ශෝට්නෝට් එක පරිශීලනය කරන අවස්තාවේදී  ඔබගේ මතකය වඩාත් තීව්‍ර කරනු ඇත



           ඔබ මෙසේ ඔබගේ කිසියම් පාඩම් ඒකකයකට අදාලව ශෝට්නෝට් එකක්  සකස් කරගත්තා වෙන්න පුලූවන්. දැන් මේ ශෝට්නෝට් එක මුද්‍රනය කර ලග තබාගතහොත්  නිතර පරිශීලනයට එය පහසුවක් වෙවි. ඒ  සදහා අපි මෙය මුද්‍රනය කරගන්නා ආකාරය ගැන ඉගෙන ගනිමු.  A5 ප්‍රමානයේ කඩදාසි මුද්‍රන යන්ත්‍රයට ඇතුල් කරන්න. ෆයිල් මෙනුවේ ප්‍රින්ට් මත ක්ලික්  කරන්න. පසුව සෙටින්ග්ස් යටතේ ප්‍රින්ට් බෝත් සයිඩ්ස් තෝරාගන්න. ඔබට පිටපත් කිහිපයක් අවශ්‍ය නම් කොපීස් යන්නට අදාල ටෙක්ස්ට් බොක්ස් එකේ  පිටපත් ගනන ටයිප් කරන්න. පසුව ප්‍රින්ට් යන විධානය ලබා දෙන්න. මේ ආකාරයට කුඩා පොත් පින්චක් ලෙස ඔබේ ශෝට්නෝට් එක සාදාගත් පසු ඔබට ඔබේ විභාගයට සාර්ථකව  මුහුන දීම සඳහා උගත් කරුනු නවත අධ්‍යයනය කර මතකයේ වඩාත් හොදින් තැන්පත් කර ගැනීමට හැකියාව ඇත.































0 comments:

Post a Comment